අල් ෆාතිහා – ආරම්භය
පරිච්ඡේදය: 1
මුළු වැකි ගණන : 7
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم
“අල් ෆාතිහා” යන අරාබි පදයට ආරම්භය, මූලික වැදගත්කම , ප්රමුඛත්වය ආදී අර්ථයන් ඇත. මෙම පරිච්ඡේදයට මෙසේ නම් කරන ලද්දේ මෙය පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පළමු පරිච්ඡේදය වන බැවිනි. පරිශුද්ධ වූ අල් කුර්ආනයෙහි ම මෙම පරිච්ඡේදය පිළිබඳ ව විශේෂයෙන් සඳහන් වී ඇත. (15:87 බලන්න.)
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ – 1:1
01 : 01
සියලූ ප්රශංසා අල්ලාහ්ට ම හිමිය. (ඔහු) විශ්වය (මවා) පරිපාලනය කරන්නා ය.
الرَّحْمَٰنِ الرَّحِيمِ – 1:2
01 : 02
අසීමිත කරුණාවන්තයා ය. අසම සම දයාවන්තයා ය.
مَالِكِ يَوْمِ الدِّينِ – 1:3
01 : 03
විනිශ්චය දිනයේ1 අධිපති ය.
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ – 1:4
01 : 04
(එබැවින්) අපි ඔබ ම නමදින්නෙමු. ඔබගෙන් ම උපකාර පතන්නෙමු.
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ – 1:5
01 : 05
අප යහ මගට යොමු කරනු මැනව!
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ – 1:6,7
01 : 06. 07
එය ඔබ කවරකු කෙරෙහි දයාව දැක්වූයෙහි ද ඔවුන්ගේ මග යග ඔවුහු (ඔබේ) කෝපයට භාජනය වූ අය ද මග වරදවාගත් අය ද නොවෙති.26