පරිච්ඡේදය: 91
මුළු වැකි ගණන : 15
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘අෂ් ෂම්ස්’ යන වචනය සඳහන් වන බැවින් මෙසේ නම් කරන ලදී.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
91 : 01 ඉර මත ද එහි ආලෝකය මත ද දිවුරමි.379
91 : 02 ඉන් අනතුරුව එන සඳ මත ද දිවුරමි.379
91 : 03 එය (ඉර) හෙළි කරන දහවල මත ද දිවුරමි.379
91 : 04 වසා ගන්නා රාත්‍රිය මත ද දිවුරමි.379
91 : 05අහස මත ද එහි ව්‍යුහය මත ද දිවුරමි.379
91 : 06 පොළොව මත ද එය දිග හරින ලද දැය මත ද දිවුරමි.379
91 : 07 සිත මත ද එය හැඩ ගැස් වූ දැය මත ද දිවුරමි.379
91 : 08 එහි (සිතෙහි) යහපත ද අයහපත ද ඔහු එයට දැන්වීය.
91 : 09 එය පවිත්‍ර කර ගත් තැනැත්තා ජය ලැබීය.
91 : 10 එය කෙලෙස ගත් තැනැත්තා අලාභ ලැබීය.
91 : 11 සමූද් ජන සමාජය තම සීමාව ඉක්මවීම හේතු කොටගෙන අසත්‍ය යැයි සිතීය.
91 : 12 එහි ඉතාමත් අභාග්‍යවන්තයා ඉදිරිපත් විය.
91 : 13 “මෙය අල්ලාහ්ගේ ඔටු ධෙන ය. ඌට ජලය පානය කරන්නට ඉඩ දෙන්නැ”යි අල්ලාහ්ගේ දූතයා පැවසීය.
91 : 14 ඔහු අසත්‍ය පවසන්නෙක් යැයි සිතූහ. ඌගේ පාද නහර කපා දැමූ හ. ඔවුන්ගේ පාපය හේතු කොටගෙන ඔවුනට වේදනාව පහළ කොට ඔවුන්ගේ දෙවියන් ඔවුන් සමතලා කළේය.
91 : 15 එහි අවසානය ගැන ඔහු බිය නොවීය.