පරිච්ඡේදය: 86
මුළු වැකි ගණන : 17
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘අත් තාරික්’ යන වචනය සඳහන් වන බැවින් එය මෙහි නම බවට පත් විය.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
86 : 01 අහස මත ද තාරික් මත509 ද දිවුරමි.379
86 : 02 තාරික් යනු කුමක් දැයි ඔබ දන්නේ කෙසේ ද?
86 : 03 එය ආලෝකය විහිදුවන තරුවකි.
86 : 04 සෑම කෙනෙක් කෙරෙහි ම අධීක්ෂණය කරන්නෙක් නැතුවා නොවේ.
86 : 05 මිනිසා කවරකින් නිර්මාණය කරන ලද්දේ දැයි සිතා බලත්වා.
86 : 06 වේගයෙන් ගලා පිට වෙන දියෙන් ඔහු නිර්මාණය කරනු ලැබීය.
86 : 07 එය පිට කොන්දත් ඉදිරි පසත් අතරින් පිට වෙයි.231
86 : 08 මොහු ආපසු ගෙන එන්නට ඔහු බලසම්පන්නයෙකි.
86 : 09 එදින1 රහස් හෙළිදරව් කරනු ලැබේ.
86 : 10 ඔහුට කිසිඳු ශක්තියක් නොතිබේ. කිසිඳු උදව්කරුවෙක් නොසිටියි.
86 : 11 ආපසු දෙන අහස මත දිවුරමි.149
86 : 12 පැළෙන පොළොව මත දිවුරමි.
86 : 13 මෙය පැහැදිලි ප්රකාශයකි.
86 : 14 මෙය විහිළුවක් නොවේ.
86 : 15 ඔවුහු දැඩි කුමන්ත්රණයක් කරති.
86 : 16 මම ද දැඩි කුමන්ත්රණයක් කරමි.6
86 : 17 එබැවින් (මා) ප්රතික්ෂේප කළ අයට ඔබ ඉඩ ප්රස්තාවක් දෙන්න. සුළු ඉඩ ප්රස්තාවක් දෙන්න.