අල් බුරූජ් – තරු
පරිච්ඡේදය: 85
මුළු වැකි ගණන : 22
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘අල් බුරූජ්’ යන වචනය සඳහන් වන බැවින් එය මෙහි නම බවට පත් විය.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
85 : 01 තරු සහිත අහස මත දිවුරමි.379
85 : 02 පොරොන්දු වන ලද දිනය1 මත දිවුරමි.379
85 : 03 සාක්ෂි දරන අය මත ද සාක්ෂි දරනු ලබන අය මත ද දිවුරමි.379
85 : 04 ගිනි වළෙහි හිමිකරුවෝ ශාප කරනු ලැබූහ.
85 : 05 (එය) ඉන්ධන පිරුණු ගින්න ය.
85 : 06,07 ඔවුන් එය අසල වාඩි වෙමින් සිටි විට ඔවුන් විශ්වාස කළ අය සම්බන්ධයෙන් කටයුතු කළේ කෙසේ ද යන්නට ඔවුහු ම සාක්ෂි දරන්නෝ වූහ.26
85 : 08 ඔවුහු ප්‍රශංසනීය වූත් අබිබවන්නා වූත් අල්ලාහ් ගැන විශ්වාස කළ බැවින් මිස අන් කිසිවකට මොවුහු ඔවුන්ගෙන් පළි නොගත්හ.
85 : 09 අහස් හි ද පොළොවෙහි ද බලය ඔහුට ම හිමිය. අල්ලාහ් සියලූ දැය අධීක්ෂණය කරන්නෙකි.
85 : 10 විශ්වාස කළ පුරුෂයින් ද ස්ත්‍රීන් ද හිංසා පීඩා කොට පසුව පාප ක්ෂමාව නොඅයැදින අයට වේදනාවක් ඇත. ඔවුනට දැවෙන වේදනාවක් ද ඇත.
85 : 11 විශ්වාස කොට යහපත් ක්‍රියා කළ අයට ස්වර්ගයන් ඇත. ඒවා යටින් ගංගා ගලා බසියි. මෙයයි, මහා ජයග්‍රහණය.
85 : 12 ඔබේ දෙවියන්ගේ ග්‍රහණය දරුණු ය.
85 : 13 ඔහු පළමුව නිර්මාණය කරයි. නැවතත් නිර්මාණය කරයි.
85 : 14 ඔහු ක්ෂමා කරන්නා යත දයාව ඇත්තා ය.
85 : 15 අර්ෂ්හි හිමියා යත මහානුභාව සම්පන්නයා ය.
85 : 16 සිතන දෙයක් සිදු කරන්නා ය.
85 : 17, 18 ෆිර්අවුන් හා සමූද් ජන සමාජයේ ඒ සේනාව පිළිබඳ පුවත ඔබට ලැබුණේ ද?26
85 : 19 නමුත් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන අය අසත්‍ය යැයි සිතීමෙහි සිටිති.
85 : 20 අල්ලාහ් ඔවුනට පිටුපසින් සිටිමින් සම්පූර්ණයෙන් දැන ගනියි.
85 : 21 එසේ ය. මෙය ඉමහත් කුර්ආනයකි.
85 : 22 සුරක්ෂිත157 පුවරුවෙහි ඇත.