පරිච්ඡේදය: 81
මුළු වැකි ගණන : 29
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ඉර හකුළනු ලැබීම ගැන සඳහන් වන බැවින් මෙසේ නම් කරන ලදී.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
81 : 01 ඉර හකුළනු ලබන විට,
81 : 02 තරු හැලෙන විට,
81 : 03 කඳු අවතැන් වන විට,
81 : 04 ගැබ්බර ඔටු දෙනුන් නොසලකා අත් හැර දමනු ලබන විට,
81 : 05 වන සතුන් එක් රැස් කරනු ලබන විට,
81 : 06 මුහුදු ගිනි මොළවනු ලබන විට,
81 : 07 ප්රාණයන් නැවතත් (ශරීර සමඟ) එක් කරනු ලබන විට,
81 : 08,09 කවර පාපයකට ඇය ඝාතනය කරනු ලැබුවා දැයි පණ පිටින් වළලන ලද දැරිය විමසනු ලබන විට,26
81 : 10 ලේඛන දිග හරිනු ලබන විට,
81 : 11 අහස ඉවත් කරනු ලබන විට,
81 : 12 නිරය දල්වනු ලබන විට,
81 : 13 ස්වර්ගය සමීපයට ගෙන එනු ලබන විට,
81 : 14 කෙනෙක් තමා ඉදිරිපත් කළ දේ දැන ගනියි.
81 : 15,16 සැඟ වී නොසැඟ වී තිබෙන (මුළුමනින් ම) සැඟ වී යන තරු මත දිවුරමි.26
81 : 17 පසු බට වන රාත්රිය මත දිවුරමි.379
81 : 18 පැහැදිලි වන උදෑසන මත දිවුරමි.379
81 : 19 මෙය ගෞරවනීය දූතයෙකු (වන ජිබ්රීල්)ගේ වචනයකි.492
81 : 20 (ඔහු) බලසම්පන්නයෙකි, අර්ෂ්හි488 හිමි වෙත සුදුසුකම් ඇත්තෙකි.
81 : 21 සුර දූතයින්ගේ නායකයා ය. එහි විශ්වාසවන්තයෙකි.
81 : 22 නුඹලාගේ මිත්රයා (මුහම්මද්) උන්මත්තකයෙක් නොවේ.468
81 : 23 මොහු (ජිබ්රීල් වන) ඔහුව පැහැදිලි යටි අහසේ දිටීය.
81 : 24 මොහු (මුහම්මද්) ගුප්ත දැයෙහි මසුරුකම් කරන්නෙක් නොවේ.
81 : 25 මෙය පළවා හරින ලද ෂෛතාන්ගේ ප්රකාශයක් නොවේ.
81 : 26 නුඹලා යන්නේ කොහේ ද?
81 : 27, 28 මෙය ලෝවැසියනට ද නුඹලාගෙන් කවරෙකු සෘජුව කටයුතු කිරීමට ප්රිය කරන්නේ ද ඔහුට ද අනුශාසනාවක් මිස වෙන නැත.26
81 : 29 විශ්වයේ දෙවියන් වන අල්ලාහ් සිතන දැය මිස නුඹලා නොසිතන්නෙහු ය.