අල් මආරිජ් – සුදුසුකම්
පරිච්ඡේදය: 70
මුළු වැකි ගණන : 44
මෙම පරිච්ඡේදයේ තුන් වන වැකියේ ‘සුදුසුකම්’ යන පදය සඳහන් වන බැවින් එය මෙහි නම බවට පත් විය.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
70 : 01,02,03 සුදුසුකම් තිබෙන අල්ලාහ් වෙතින් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අයට සිදු වීමට නියමිත වේදනාව ගැන ප්‍රශ්න කරන්නෙක් ප්‍රශ්න කරයි. එය (වේදනාව) වළක්වන්නෙක් නැත.26
70 : 04 සුර දූතයින් ද රූහ් ද444 වසර පනස් දහසකට සමාන දිනක ඔහු වෙත නැග යති.293
70 : 05 එබැවින් අලංකාර ඉවසීමකින් සිටින්න.
70 : 06 ඔවුහු එය දුරස්ථ ව දකිති.
70 : 07 නමුත් අපි එය සමීප ව දකින්නෙමු.
70 : 08 එදින අහස රත් කළ තඹ මෙන් වන්නේ ය.
70 : 09 කඳු පීරන ලද කම්බිලි මෙන් වන්නේ ය.
70 : 10 කිසිඳු මිත්‍රයෙක් මිත්‍රයෙකු නොවිමසයි.
70 : 11,12,13,14 ඔවුහු එකිනෙකාට පෙන්වනු ලබති. එදින1 වේදනාවට වන්දි වශයෙන් තම දරුවන් ද භාර්යාව ද සොහොයුරා ද තමාට රැකවරණය දුන් ඥාතීන් ද පොළොවෙහි සිටින සියල්ලන් ද පරදුවට තබා පසුව නිදහස් විය හැකි යැයි වරදකරුවා ප්‍රිය කරයි.26
70 : 15 එසේ නොවේ. එය මහා ගින්නකි.
70 : 16 එය සම ගළවයි.
70 : 17,18 එය පසුබට වී පිටු පෑ තැනැත්තා ද (ධනය) රැස් කොට ආරක්ෂා කළ තැනැත්තා ද කැඳවයි.26
70 : 19 මිනිසා කලබලකාරයෙක් ව නිර්මාණය කරන ලදී.
70 : 20 ඔහුට විපතක් සිදු වූයේ නම් තිගැස්සෙයි.
70 : 21 ඔහුට යහපත් සිදු වූයේ නම් නොදී වළක්වයි.
70 : 22 සලාතය ඉටු කරන අය හැර.
70 : 23 ඔවුහු තම සලාතයෙහි නිරතුරුව සිටිති.
70 : 24,25 ඔවුන්ගේ ධනයෙහි සිඟන්නන්ට ද නැති බැරි අයට ද නියමිත කොටසක් ඇත.26
70 : 26 ඔවුහු විනිශ්චය දිනය1 ගැන විශ්වාස කරති.
70 : 27 ඔවුහු තම දෙවියන්ගේ වේදනාවට බිය වෙති.
70 : 28 ඔවුන්ගේ දෙවියන්ගේ වේදනාව බිය විය යුත්තක් ම ය.
70 : 29,30 තම භාර්යාවන් නැතහොත් වහල් ස්ත්‍රීන්107 කෙරෙහි මිස ඔවුහු (අන් අයගෙන්) තම පතිවත ආරක්ෂා කර ගනිති. ඔවුහු දෝෂාරෝපණය කරන ලද අය නොවෙති.26
70 : 31 මින් ඔබ්බට සොයන අය සීමාව ඉක්ම වූ අය වෙති.
70 : 32 ඔවුහු තම භාරයට පත් කළ දැය ද ගිවිසුම ද ආරක්ෂා කරති.
70 : 33 ඔවුහු තම සාක්ෂීන් පිහිටුවති.
70 : 34 ඔවුහු තම සලාතය ද ආරක්ෂා කර ගනිති.
70 : 35 ස්වර්ගයන්හි ගෞරවයට පත් කරනු ලබන්නේ ඔවුහු ය.
70 : 36,37 (මුහම්මද්,) ප්‍රතික්ෂේප කළ අයට කුමක් සිදු වී ද? ඔවුහු දකුණු පසින් ද වම් පසින් ද කණ්ඩායම් වශයෙන් ඔබ ඉදිරියෙන් වටලති.26
70 : 38 ඔවුන්ගෙන් සෑම මිනිසෙක් ම ප්‍රමෝදමත් ස්වර්ගයට ඇතුළු කරනු ලබන්නට ආශා කරන්නේ ද?
70 : 39 එය සිදු නොවෙයි. ඔවුන් දන්නා (මූල) ද්‍රව්‍යයකින් අපි ඔවුන් නිර්මාණය කළෙමු.
70 : 40,41
නැගෙනහිර දිශාවන් හා බස්නාහිර දිශාවන් හි දෙවියන් මත දිවුරන්නෙමි.335 ඔවුනට වඩා විශිෂ්ට අය ඔවුන් වෙනුවට පත් කරන්නට අපි බලසම්පන්නයෝ වෙමු. අපි පරාජය වන්නෝ නොවෙමු.26
70 : 42 ඔවුනට අවවාදිත දිනය1 ඔවුන් හමු වන තෙක් ඔවුන් නාස්තියෙහි ද සෙල්ලමෙහි ද ගිලී සිටින්නට ඉඩ හරින්න.
70 : 43 අල්තාරයන්135 වෙතට ඉක්මන් ව ගමන් කරන අය මෙන් එදින ඔවුහු සොහොන් වළවලින් වේගයෙන් බැහැර වෙති.238
70 : 44 ඔවුන්ගේ දෘෂ්ටියන් පහත හෙළී තිබේ. නින්දාව ඔවුන් වටලා ගනියි. මෙයයි, ඔවුනට අවවාදිත දිනය.1