50 : කාෆ් – අරාබි හෝඩියේ 21 වන අකුර

කාෆ් – අරාබි හෝඩියේ 21 වන අකුර

පරිච්ඡේදය: 50

මුළු වැකි ගණන : 45

මෙම පරිච්ඡේදය පටන් ගැනීමේ දී කාෆ් යන අකුර සඳහන් වන බැවින් එය මෙම පරිච්ඡේදයේ නම බවට පත් විය.

අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…

50 : 01 කාෆ්.2 ගෞරවනීය මේ කුර්ආනය මත දිවුරමි.

50 : 02 ඔවුන්ගෙන් ම අවවාද කරන්නෙක් ඔවුනට පැමිණීම ගැන ඔවුහු මවිතයට පත් වෙති. මෙය ආශ්චර්යමත් දෙයක් යැයි (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන අය පවසති.

50 : 03 “අපි මැරී පස් වූ කල්හි ද? මෙය (බුද්ධියට) ඈත් වූ යළි පිවිසුමක් යැ”යි ඔවුහු පවසති.

50 : 04 ඔවුන් නිසා පොළොව කෙතරම් අඩු වී තිබේ දැයි අපි දනිමු.331 අප වෙත සුරක්ෂිත ලේඛනයක්157 ඇත.

50 : 05 නමුත් සත්‍යය ඔවුනට පැමිණි විට ඔවුහු එය අසත්‍ය යැයි සිතූහ. එබැවින් ඔවුහු අවුල් සහගත තත්ත්වයක සිටිති.

50 : 06 ඔවුනට ඉහළින් තිඛෙන අහස අපි කෙසේ පිහිටුවා අලංකාර කර තිඛෙමු දැයි ඔවුහු සලකා නොබැලූවෝ ද? එහි කිසිඳු සිදුරක් නැත.

50 : 07 අපි පොළොව දිග හැරියෙමු. එහි කූඤ්ඤ සවි කළෙමු.248 එහි ආකර්ෂණීය සෑම වර්ගයක් ම හට ගැන්වීමු.

50 : 08 ශිෂ්ට වන සෑම වහලෙකුට ම මෙය ඉගෙනුමක් ද පාඩමක් ද වේ.

50 : 09,10,11 අපි අහසින් භාග්‍යමත් ජලය පහළ කළෙමු.507 මළ ගම්මානයකට එයින් ජීවය දුනිමු. මෙලෙස ම (මළවුන්) බැහැර කරනු ලැබීම ද (සිදු වනු ඇත). එමගින් උයන් ද නෙළනු ලබන ධාන්‍යය ද උසට වැඩුණු රට ඉඳි ගස් ද වහලූන්ට ආහාරයක් ලෙස අපි හට ගැන්වීමු. එයට පොකුරු වශයෙන් කොළපු ඇත.26

50 : 12,13,14 ඔවුනට පෙර නූහ්ගේ ජන සමාජය ද ළිං වාසීන් ද සමූද් ජන සමාජය ද ආද් ජන සමාජය ද ෆිර්අවුන් ද ලුත්ගේ සොහොයුරන් ද (මද්යන් නම්) උයන් වාසීන් ද තුබ්බඋගේ ජන සමාජය ද අසත්‍ය යැයි සිතූහ. සියල්ලෝ ම දූතයින් අසත්‍ය පවසන්නන් යැයි සිතූහ. එබැවින් මාගේ අවවාදය සැබෑ විය.26

50 : 15 පළමු වර නිර්මාණය කිරීමට අපි නොහැකි අය වූයෙමු ද? නමුත් ඔවුහු අලූතින් නිර්මාණය කරනු ලැබීම ගැන අවුල් වියවුල් ව සිටිති.

50 : 16 අපි මිනිසා නිර්මාණය කළෙමු. ඔහුගේ සිත සිතන දැය කුමක් දැයි අපි දනිමු. අපි ඔහුට ගලනාලයට වඩා සමීපව සිටින්නෙමු.49

50 : 17,18 දකුණු පසින් ද වම් පසින් ද ලියන්නන් දෙදෙනෙක් ඉඳගෙන ලියන විට ඔහු කවර වචනයක් කථා කළත් ඔහු ළග අධීක්ෂණය කරන ලේඛකයෙක් නැතුවා නොවේ.26

50 : 19 මරණාසන්න වේදනාව සත්‍යයෙන් ම පැමිණ ඇත. නුඹ කවරක් වෙතින් පලා යමින් සිටියෙහි ද එය මෙයයි.

50 : 20 සූර් පිඹිනු ලැබේ. අවවාදිත දිනය1 මෙයයි.

50 : 21 සෑම කෙනෙක් ම ඇදගෙන යන්නෙකු සමඟ ද සාක්ෂිකරුවෙකු සමඟ ද එනු ඇත.

50 : 22 නුඹ මේ ගැන නොසැලකිලිමත් ව සිටියෙහි ය. අපි නුඹේ කඩතුරාව නුඹෙන් ඉවත් කළෙමු. අද නුඹේ බැල්ම තියුණු ය.

50 : 23 (ලියන සුර දූතයා වන) ඔහුගේ මිත්‍රයා “මෙන්න, මා ළඟ ලිඛිත ලේඛනයක් ඇතැ”යි පවසයි.

50 : 24,25,26 “අන්තනෝමතික ව (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කොට, යහපත වළක්වා සීමාව ඉක්මවා, සැක කොට, අල්ලාහ් සමඟ වෙනත් දෙවි වරුන් ඇති කරමින් සිටි සෑම කෙනෙකුව ම නුඹලා දෙදෙනා නිරයේ හෙළන්න. නුඹලා දෙදෙනා මොහුව දරුණු වේදනාවේ හෙළන්නැ”(යි ඒ සුර දූතයින් දෙදෙනාට ම පවසනු ලැබේ).26

50 : 27 “අපගේ දෙවියනි, මම මොහු නොමග නොයැවීමි. ඈත් වූ දුර් මාර්ගයක සිටියේ මොහු යැ”යි ඔහුගේ මිතුරා (වන ෙෂෙතාන්) පවසයි.

50 : 28,29 “මා ඉදිරියේ විවාද නොකරනු. මම නුඹලාට කලින් ම අවවාද කළෙමි. මා ළඟ වචන වෙනස් කරනු නොලැබේ. මම වහලූන්ට අපරාධ කරන්නෙක් ද නොවෙමි”යි (දෙවියන්) පවසයි.26

50 : 30 “නුඹ පිරුණෙහි දැ”යි අපි නිරයෙන් අසන දින1 “තවත් වැඩි පුර තිබේ දැ”යි එය අසයි.

50 : 31 (දෙවියන්ට) බිය බැතිමත් අයට ඈතින් තොරව ස්වර්ගය සමීපව ගෙන්වනු ලැබේ.

50 : 32,33 ශිෂ්ට වී, ප්‍රවේශමෙන් කටයුතු කර, හුදෙකලාවේ අසීමිත කරුණාවන්තයාට බිය වී, පිරිසිදු සිතකින් පැමිණෙන සෑම කෙනෙකුට ම පොරොන්දු වන ලද දේ මෙයයි.26

50 : 34 “සාමයෙන් මෙහි ඇතුළු වන්න. මෙයයි, සදාකාලීන ජීවිතය යැ”යි පවසනු ලැබේ.

50 : 35 එහි ඔවුන් ප්‍රිය කරන දේ ඔවුනට ඇත. අප වෙත තවත් බොහෝ දේ ඇත.

50 : 36 මොවුනට වඩා බලසම්පන්න කොපමණ පරම්පරාවන් මොවුනට පෙර විනාශ කර ඇත්තෙමු ද? ඔවුන්ගේ ගම්මාන වල මොවුහු සැරිසරති. මිදෙන්නට තැනක් තිබුණේ ද?

50 : 37 යම් කෙනෙකුට සිතක් තිබේ ද නැතහොත් සාවධානීව සවන් දෙන්නේ ද ඔහුට මෙහි ඉගෙනුමක් ඇත.

50 : 38 අපි අහස් ද පොළොව ද ඒවා අතර තිඛෙන දැය ද දින හයකින් නිර්මාණය කළෙමු.179 අපට කිසිඳු වෙහෙසක් හට ගත්තේ නැත.

50 : 39 ඔවුන් පවසන දේ ඉවසන්න. ඉර උදා වන්නට පෙර ද එය බසින්නට පෙර ද ඔබේ දෙවියන්ගේ ප්‍රශංසාව සුවිශුද්ධ කරන්න.

50 : 40 රාත්‍රියෙහි ද සජ්දාවට පසුව ද ඔහු සුවිශුද්ධ කරන්න.

50 : 41 සමීප තැනකින් කැඳවන්නා කැඳවන දින1 ගැන සාවධානීව සවන් දෙන්න.

50 : 42 එය, සැබවින් ම මහා හඬට ඔවුන් සවන් දෙන දිනයයි. එයයි, බැහැර වන දිනය.1

50 : 43 අපි ජීවය දෙන්නෙමු. මරණයට පත් කරන්නෙමු. යළි පිවිසුම අප වෙත ම ය.

50 : 44 ඔවුන්ගෙන් පොළොව පැලී ඔවුහු ඉක්මන් වෙති. එයයි, එක් රැස් කරනු ලබන දිනය.1 මෙය අපට පහසු ය.

50 : 45 (මුහම්මද්,) අපි ඔවුන් පවසන දේ ගැන දනිමු. ඔබ ඔවුන් මර්දනය කරන්නෙක් නොවෙහිය.81 මාගේ අවවාදයට බිය වන අයට කුර්ආනය මගින් අනුශාසනා කරන්න.