පරිච්ඡේදය: 111
මුළු වැකි ගණන : 5
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘තබ්බත්’ යන වචනය සඳහන් වන බැවින් මෙම නම තබන ලදී.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
111 : 01 අබූ ලහබ්ගේ දෑත් විනාශ විය. ඔහු ද විනාශ විය.
111 : 02 ඔහුගේ ධනය ද ඔහු කළ දැය ද ඔහුව ආරක්ෂා නොකළේය.
111 : 03,04 දළුලා දැවෙන ගින්නක ඔහුත් දර උසුලන ඔහුගේ භාර්යාවත් දැවෙති.26
111 : 05 ඇගේ ගෙලෙහි ඇඹරූ රට ඉඳි ගසෙන් වූ කඹයක් ඇත.356