45 : අල් ජාසියා – දණ ගැසූ අය

අල් ජාසියා – දණ ගැසූ අය

පරිච්ඡේදය: 45

මුළු වැකි ගණන : 37

මෙම පරිච්ඡේදයේ 28 වන වැකියේ සෑම ජනතාවක් ම සර්ව බලධාරී දෙවියන් හමුවේ දණ ගැසූ අය ලෙසින් නතර කරනු ලබන බව සඳහන් වන නිසා මෙසේ නම් කරන ලදී.

අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…

45 : 01 හා, මීම්.2

45 : 02 (මෙය) අබිබවන්නා ද ප්‍රඥාවන්තයා ද වන අල්ලාහ් වෙතින් පහළ වූ ධර්ම ග්‍රන්ථයයි.

45 : 03 විශ්වාස කරන අයට අහස් හි ද පොළොවෙහි ද සාධක රැසක් ඇත.

45 : 04 නුඹලා නිර්මාණය කිරීමෙහි ද සෙසු ජීවීන් විසුරුවා හැරීමෙහි ද ස්ථීර ලෙස විශ්වාස කරන ජනතාවට සාධක රැසක් ඇත.

45 : 05 රැය දවාල මාරුවෙන් මාරුවට පැමිණීමෙහි ද අල්ලාහ් අහසින් (වර්ෂා) සම්පත පහළ කිරීමෙහි ද පොළොව මළ පසු එමගින් (එය) ප්‍රාණවත් කිරීමෙහි ද සුළග හරවා යැවීමෙහි ද වටහා ගන්නා ජනතාවට සාධක රැසක් ඇත.

45 : 06 (මුහම්මද්,) මේවා අලලාහ්ගේ වැකි වේ. අපි එය ඔබට සත්‍යයෙන් ප්‍රකාශ කරන්නෙමු. අල්ලාහ්ට ද ඔහුගේ වැකි වලට ද පසු ඔවුන් කවර පුවතක් ද, විශ්වාස කරන්නේ?

45 : 07 ප්‍රබන්ධ කරන සෑම පවිටෙකුට ම විනාශයක් ම ය.

45 : 08 ඔහුට ප්‍රකාශ කරනු ලබන අල්ලාහ්ගේ වැකි වලට ඔහු සවන් දෙයි. පසුව ඔහු එයට සවන් නුදුන්නා සේ උඩඟු වූ කෙනෙකුව අන්තනෝමතිකව කටයුතු කරයි. ඔහුට පීඩාකාරී වේදනාවක් ගැන අවවාද කරන්න.

45 : 09 ඔහු අපගේ වැකි වලින් යම් දැයක් දැනගත් විට එය සරදමක් ලෙස ගනියි. ඔවුනට නින්දනීය වේදනාවක් ඇත.

45 : 10 ඔවුන් පසු පසින් නිරය ඇත. ඔවුන් කළ දැය ද අල්ලාහ් හැර ඔවුන් ආරක්ෂකයින් ලෙස බිහි කර ගත් අය ද ඔවුනට සුළුවෙන් හෝ උදව් නොකරති. ඔවුනට ඉමහත් වේදනාවක් ඇත.

45 : 11 මෙයයි, යහ මග. තම දෙවියන්ගේ වැකි ප්‍රතික්ෂේප කළ අයට දරුණු හා පීඩාකාරී වේදනාවක් ඇත.

45 : 12 ඔහුගේ අණ පරිදි නැව් යාත්‍රා කිරීමට ද නුඹලා ඔහුගේ දයාව සෙවීමට ද කෘතඥ වීමට ද නුඹලාට මුහුද ප්‍රයෝජනවත් කර දුන්නේ අල්ලාහ් ම ය.

45 : 13 ඔහු අහස් හි තිඛෙන දැය ද පොළොවෙහි තිඛෙන සියලූ දැය ද නුඹලාට ප්‍රයෝජනවත් කර දුන්නේ ය. සිතන ජනතාවට මෙහි සාධක රැසක් ඇත.

45 : 14 අල්ලාහ්ගේ වේදනාවන් ගැන විශ්වාස නොකරන අය ක්ෂමා කරන ලෙස විශ්වාස කළ අයට පවසන්න. මන්දයත් ජන සමාජයක් කරමින් සිටි දැයට ඔහු තිළිණ දෙන්නට නියමිත ය.

45 : 15 යම් කෙනෙක් යහපත් ක්‍රියා කළේ නම් එය ඔහුට ම යහපත් ය. යම් කෙනෙක් අයහපත් ක්‍රියාවක් කළේ නම් එය ඔහුට ම එරෙහි වනු ඇත. පසුව නුඹලාගේ දෙවියන් වෙත ආපසු ගෙන එනු ලබන්නෙහු ය.

45 : 16 අපි ඉස්රායීල්ගේ දරුවන්ට ධර්ම ග්‍රන්ථය ද බලය ද නබිත්ත්වය ද දුනිමු.164 ඔවුනට පිවිතුරු දේ දුනිමු. ලෝකවාසීන්ගෙන් ඔවුන් විශිෂ්ට ද කළෙමු.16

45 : 17 අපි ඔවුනට මේ ධර්මය ගැන බොහෝ සාධක පිරිනැමුවෙමු. ඔවුහු තමන් අතර හටගත් ඊර්ෂ්‍යාව හේතුවෙන් ප්‍රතිවිරුද්ධ වූයේ ඔවුනට දැනුම පැමිණීමෙන් පසුව ය. කියාමත් දින1 ඔබේ දෙවියන් ඔවුන් ප්‍රතිවිරුද්ධ වූ දෑහි විනිශ්චය කරයි.

45 : 18 (මුහම්මද්,) පසුව ඔබ මේ ධර්මයෙහි විධිමත් මාර්ගයක පිහිටුවීමු. එබැවින් එය අනුගමනය කරන්න. නොදන්නවුන්ගේ චිත්තාභිලාෂයන් අනුගමනය නොකරන්න.

45 : 19 ඔවුහු ඔබ අල්ලාහ්ගෙන් සුළුවෙන්වත් ආරක්ෂා නොකරති. අපරාධකරුවෝ කෙනෙක් තව කෙනෙකුට ළබැඳි මිත්‍රයෝ ය. අල්ලාහ් (තමාට) බිය බැතිමත් අයගේ භාරකරුවෙකි.

45 : 20 මේවා මිනිසුන්ට පැහැදිලි සාධක වේ. ස්ථීර ලෙස විශ්වාස කරන ජනතාවට යහ මගක් ද දයාවක් ද වේ.

45 : 21 විශ්වාස කොට යහපත් ක්‍රියා කළ අය මෙන් අපි ඔවුන් ද කරන්නෙමුයි වරදකරුවෝ සිතන්නෝ ද? මොවුන් ජීවත් වීමත් මරණයට පත් වීමත් එක සමාන ය. මොවුන් කරන විනිශ්චය ඉතා නරක ය.

45 : 22 අල්ලාහ් අහස් ද පොළොව ද සාධාරණ හේතුවකට ම නිර්මාණය කළේය. සෑම කෙනෙක් ම තමන් කළ දැයට කුලිය පිරිනමනු ලබති.265 ඔවුහු අපරාධ කරනු නොලබති.

45 : 23 තම චිත්තාභිලාෂය තම දෙවියන් කර ගත් කෙනෙකු ඔබ දුටුවෙහි ද? අල්ලාහ් දැනුවත්ව ම ඔහු නොමග යැවීය. ඔහුගේ ශ්‍රවණයෙහි ද සිත්හි ද මුද්‍රා තැබීය. ඔහුගේ දෘෂ්ටිය මත තිරයක් ඇති කළේය. අල්ලාහ්ට පසු ඔහුට මග පෙන්වන්නා කවරෙක් ද? නුඹලා නොසිතන්නෙහු ද?

45 : 24 “අපගේ මෙලොව ජීවිතය මිස වෙන නැත. මිය යන්නෙමුත ජීවත් වන්නෙමුත කාලය මිස අන් කිසිවක් අප විනාශ නොකරන්නේ යැ”යි ඔවුහු පවසති. ඔවුනට මේ ගැන කිසිඳු දැනුමක් නැත. ඔවුහු අනුමාන කරන්නෝ මිස නැත.

45 : 25 අපේ පැහැදිලි වැකි ඔවුනට ප්‍රකාශ කරනු ලබන විට “නුඹලා සත්‍යවන්තයින් නම් අපේ මුතුන් මිත්තන් ගෙන එන්නැ”යි ප්‍රකාශ කිරීම මිස අන් කිසිවක් ඔවුන්ගේ සාධකය නොවීය.

45 : 26 “අල්ලාහ් නුඹලාට ජීවය දෙයි. පසුව නුඹලා මරණයට පත් කරයි. පසුව කිසිඳු සැකයක් නැති කියාමත් දින1 ඔහු නුඹලා එක් රැස් කරන්නේ යැ” යි පවසන්න. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් නොදනිති.

45 : 27 අහස් හා පොළොවෙහි බලය අල්ලාහ්ට ම හිමිය. යුගාන්ත මොහොත1 උදා වන දින එදින නාස්තිකාරයෝ අලාභ ලබති.

45 : 28 සෑම ජන සමාජයක් ම දණ ගැසූ අය ලෙසින් ඔබ දකින්නෙහි ය. සෑම ජන සමාජයක් ම තම (වාර්තා) පොත වෙතට කැඳවනු ලබති. “අද නුඹලා කරමින් සිටි දැයට265 කුලිය දෙනු ලබන්නෙහු ය.

45 : 29 “මෙයයි, අපේ පුස්තකය. මෙය නුඹලාට එරෙහිව සත්‍යය කථා කරයි. අපි නුඹලා කරමින් සිටි දැය සටහන් කරන්නෝ ව සිටියෙමු”(යි පවසනු ලැබේ).

45 : 30 විශ්වාස කොට යහපත් ක්‍රියා කළ අය ඔවුන්ගේ දෙවියන් තම දයාවෙහි ඇතුළු කරයි. මෙයයි පැහැදිලි ජයග්‍රහණය.

45 : 31 (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අයට “නුඹලාට මාගේ වැකි ප්‍රකාශ කරනු ලැබුවේ නැද්ද? උඩඟු වූයෙහු ය. වැරදි කරන පිරිසක් වූයෙහු යැ” (යි පවසනු ලැබේ).

45 : 32 “අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑය. යුගාන්ත මොහොතෙහි1 කිසිඳු සැකයක් නැතැ”යි පවසනු ලබන විට “යුගාන්ත මොහොත1 යනු කුමක් දැ”යි අපි නොදනිමු. අපි අනුමාන කරන අය මිස වෙන නැත. අපි ස්ථීර ලෙස විශ්වාස කරන අය නොවෙමු”යි නුඹලා පැවසුවෙහු ය.

45 : 33 ඔවුන් කළ අයහපත් දේ ඔවුනට හෙළි වනු ඇත. ඔවුන් විහිළු කරමින් සිටි දැය ඔවුන් වටලා ගනු ඇත.

45 : 34 “නුඹලා මෙදින1 හමු වීම අමතක කළා සේ අපිත් අද නුඹලා අමතක කරන්නෙමු.”6 නුඹලාගේ නවාතැන නිරයයි. නුඹලාට උදව්කරුවෝ නැතැ” යි පවසනු ලැබේ.

45 : 35 මෙයට හේතුව නුඹලා අල්ලාහ්ගේ වැකි විහිළුවක් සේ සැලකීමත් මෙලොව ජීවිතය නුඹලා මුළා කිරීමත් ය. අද ඔවුහු එයින් බැහැර කරනු නොලබති. (නැමදුම් හා වත් පිළිවෙත්) කරන මෙන් බල කරනු නොලබති.

45 : 36 අහස්හි දෙවියන් ද පොළොවෙහි දෙවියන් ද වන විශ්වයේ දෙවියන්ට සියලූ ප්‍රශංසා හිමිය.

45 : 37 අහස්හි ද පොළොවෙහි ද උදාරත්වය ඔහුට ම හිමිය. ඔහු අබිබවන්නා යත ප්‍රඥාවන්තයා ය.