15 : අල් හිජ්ර් – ග්‍රාම නාමයක්

අල් හිජ්ර් – ග්‍රාම නාමයක්

පරිච්ඡේදය: 15

මුළු වැකි ගණන : 99

අල් හිජ්ර් යනු සමූද් ජන සමාජය වාසය කළ ගම්මානයේ නමයි. සමූද් ජන සමාජය පිළිබඳව මෙම පරිච්ඡේදයේ 80 සිට 84 දක්වා ඇති වැකි වල ප්‍රකාශ වන බැවින් මෙම පරිච්ඡේදයට මෙම නම ලැබී ඇත.

අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…

15 : 01

අලිෆ්, ලාම්, රා.2 මේවා ධර්ම ග්‍රන්ථය වන පැහැදිලි කුර්ආනයේ වැකි වේ.

15 : 02

“තමන් ද මුස්ලිම්වරුන් වන්නට තිබුණි”යි ඇතැම් අවස්ථා වල දී (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නෝ ප්‍රිය කරති.

15 : 03

ඔවුන් අනුභව කර, සැප භුක්ති විඳ ආශාව ඔවුන් වෙන’තකට හරවන ලෙසින් ඔවුන් අත් හැර දමන්න. මතුවට දැන ගනිති.

15 : 04

අපි කිසිඳු ගම්මානයක් ඒ සඳහා වූ කාල නියමයක් අනුව මිස විනාශ නොකළෙමු.

15 : 05

කිසිඳු ජන සමාජයක් තම කාල සීමාව ඉස්සර නොකරයි. පමා ද නොකරයි.

15 : 06

“උපදේශය පහළවූ තැනැත්තේ, ඔබ උම්මත්තකයෙක් ම යැ”යි468 ඔවුහු පවසති.

15 : 07

“ඔබ සත්‍යවන්තයෙක් නම් අප වෙත සුර දූතයින් ගෙනැවිත් සිටිය යුතු නොවේ දැ”(යි ද අසති).

15 : 08

සාධාරණ හේතුවක් මත මිස අපි සුර දූතයින් පහළ නොකරන්නෙමු.153 එවිට ඔවුහු ඉඩ ප්‍රස්තාවක් දෙනු නොලබති.

15 : 09

අපි ම මෙම උපදේශය පහළ කළෙමු. අපි ම එය ආරක්ෂා කරන්නෙමු.143

15 : 10

(මුහම්මද්,) ඔබට පෙර සිටි බොහෝ ජන සමාජ වලට ද අපි දූතයින් එවීමු.

15 : 11

කවර දූතයෙක් ඔවුන් වෙත පැමිණියත් ඔවුන් ඔහුට විහිළු නොකර සිටියේ නැත.

15 : 12

වරදකරුවන්ගේ සිත් තුළට අපි මෙලෙස එය ඇතුළු කරන්නෙමු.

15 : 13

ඔවුහු මෙය විශ්වාස නොකරති. මුතුන් මිත්තන්(ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග) පූර්වාදර්ශයන් ලෙස උකුත් වී ඇත.

15 : 14,15

අපි ඔවුන් වෙනුවෙන් අහසින් දොරටුවක් විවෘත කර, ඔවුන් ඒ මාර්ගයෙන් ඉහළට ගමන් කළත් “අපගේ දෘෂ්ටියන් වසඟ කරන ලද්දේ ය. නැත. අපි හූනියම් කරන ලද පිරිසක් වෙමු” යනුවෙන් ම ඔවුහු පවසති.26

15 : 16

අපි අහසෙහි තාරකා පිහිටුවා බලන්නන්ට එය අලංකාර කළෙමු.

15 : 17,18

පළවා හරින ලද සෑම ෂෛතාන් කෙනෙකුගෙන් ම ඔත්තු අසන්නා හැර අන් අය ඊට ළඟා විය නොහැකි පරිදි අපි එය ආරක්ෂා කර ඇත්තෙමු. ආලෝකය විහිදු වන ගිනි පන්දමක් ඔහු ලූහු බඳිනු ඇත.26

15 : 19

පොළොව දිග හැරියෙමු. එහි කුඤ්ඤ සවි කළෙමු.248 එහි බර නිශ්වය කරන ලද සියලූ දේ හට ගැන්වීමු.

15 : 20

නුඹලාටත් නුඹලා කවරෙකුට ආහාර සපයන්නන් නොවන්නෙහු ද ඔවුන්ටත් එහි දිවි පැවැත්ම සඳහා අවශ්‍ය දේ පිහිටුවීමු.

15 : 21

කවර දෙයක් වූවත් එහි භාණ්ඩාගාරයන් ඇත්තේ අප වෙත ය. නියමිත ප්‍රමාණයකට අනුව මිස එය පහළ නොකරන්නෙමු.

15 : 22

(වැහි වලාකුළු) උසුලන සුළං එවන්නෙමු. එවිට අහසින් ජලය පහළ කොට නුඹලාට එය පානය කරවන්නෙමු.507 නුඹලා එය (අහසෙහි) රැස් කර තබන්නෝ නොවන්නෙහු ය.

15 : 23

අපි ම ජීවය දෙන්නෙමු. මරණයට ද පත් කරන්නෙමු. අපි ම උරුමක්කරුවෝ වෙමු.

15 : 24

අපි නුඹලාට පෙර සිටි අය ගැන ද දනිමු. පසුව එන අය ගැන ද දනිමු.

15 : 25

ඔබේ දෙවියන් ම ඔවුන් එක් රැස් කරයි. ඔහු ප්‍රඥාවන්තයෙකි, සර්වඥයෙකි.

15 : 26

මඩෙහි වූ කළු මැටියෙන් අඹන ලදුව අපි මිනිසා නිර්මාණය කළෙමු.368 )503 ) 506

15 : 27

තද උණුසුමක් සහිත ගින්නෙන් මීට පෙර අපි ජින් වරයා නිර්මාණය කළෙමු.

15 : 28

“මඩෙහි වූ කළු මැටියෙන් අඹන ලදුව මිනිසෙකු නිර්මාණය කරන්නට යන්නෙමි”යි ඔබේ දෙවියන් සුර දූතයින්ට ප්‍රකාශ කළ සැටි සිහි කරන්න.368 )503 ) 506

15 : 29

”මම ඔහු ක්‍රමවත්ව හැඩ ගස්වා මාගේ ප්‍රාණය ඔහු තුළට පිඹින විට90 ඔහුට යටහත් පහත් වී වැටෙන්නැ”11 (යි දෙවියන් පැවසීය).

15 : 30,31

එවිට ඉබ්ලීස් හැර සියලූ සුර දූතවරු යටහත් පහත් වූහ. ඔහු යටහත් පහත් වන්නෙකු වීමට ප්‍රතික්ෂේප කළේය.26

15 : 32

“ඉබ්ලීස්, නුඹ යටහත් පහත් වූ අය සමඟ එක් නොවූයේ මන්දැ”යි (දෙවියන්) ඇසීය.

15 : 33

“මඩෙහි වු කළු මැටියෙන් අඹන ලදුව ඔබ නිර්මාණය කළ මිනිසෙකුට මම යටහත් පහත් වන්නෙක් නොවෙමි”යි ඔහු පැවසීය.503 ) 500

15 : 34

“නුඹ මෙතැනින් පිට වනු. නුඹ පළවා හරින ලද්දෙකි.”

15 : 35

“විනිශ්චය දින1 තෙක් නුඹ මත ශාපය ඇතැ”(යි දෙවියන් පැවසීය).

15 : 36

“මාගේ දෙවියනි, ඔවුන් පණ ගන්වනු ලබන දින1 තෙක් මට ඉඩ ප්‍රස්තාවක් දෙනු මැනවැ”යි ඔහු ඇසීය.

15 : 37,38

“නියමිත කාලය පැමිණෙන දින1 තෙක් නුඹ ඉඩ ප්‍රස්තාවක් දෙන ලද්දෙක් යැ”යි (දෙවියන්) පැවසීය.26

15 : 39,40

“මාගේ දෙවියනි, ඔබ මා නොමග යැවූ නිසා මම පොළොවෙහි (පාපයන්) ඔවුනට අලංකාර කොට පෙන්වන්නෙමි. ඔවුන’තුරින් ඔබ විසින් තෝරා ගන්නා ලද ඔබේ වහලූන් හැර (අන් අය) සියල්ලන් ම නොමග යවන්නෙමි”යි ඔහු පැවසීය.26

15 : 41

“මෙන්න, මා වෙත සෘජු මාර්ගයක් ඇතැ”යි (දෙවියන්) පැවසීය.

15 : 42

මාගේ වහලූන්ගෙන් නුඹ අනුගමනය කළ දුර් මගිකයින් හැර අන් අය කෙරෙහි නුඹලාට කිසිඳු බලයක් නැත.

15 : 43

ඔවුන් සියලූ දෙනාට ම අවවාදිත තැන නිරයයි.

15 : 44

එයට දොරටු සතක් ඇත. සෑම දොරටුවකට ම ඔවුන්ගෙන් කොටස් කරන ලද පිරිසක් සිටිති.

15 : 45

(දෙවියන්ට) බිය බැතිමත් වන අය ස්වර්ගයන්හි ද දිය උල්පත් වල ද සිටිති.

15 : 46

“බියෙන් තොරව සැනසුමෙන් මෙහි ඇතුළු වන්නැ”(යි ඔවුනට ප්‍රකාශ කරනු ලැබේ).

15 : 47

ඔවුන්ගේ සිත් තුළ පැවති ක්‍රෝධයන් අපි ඉවත් කරන්නෙමු. ඔවුහු සොහොයුරන් සේ යහන් මත මුහුණට මුහුණලා සිටිති.

15 : 48

එහි ඔවුනට කිසිඳු වෙහෙසක් හට නොගනු ඇත. ඔවුහු එයින් බැහැර කරනු ලබන්නෝ ද නොවෙති.

15 : 49

“මම ක්ෂමා කරන්නෙක්මි, අසම සම දයාවන්තයෙක් මි”යි මාගේ වහලූන්ට දන්වන්න.

15 : 50

“පීඩාකාරී වේදනාව මාගේ වේදනාව යැ”(යි ද පවසන්න).

15 : 51

ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයින් ගැන ඔවුනට දන්වන්න.

15 : 52

ඔවුහු ඔහු වෙත ගොස් “සලාම්” කීහ.159 “අපි නුඹලා (දෙස බලා) බිය වන්නෙමු”යි ඔහු පැවසීය.

15 : 53

“ඔබ බිය නොවන්න. අපි නැණවත් පුතෙකු ගැන ඔබට සුබාරංචි කියන්නෙමු”යි ඔවුහු පැවසූ හ.

15 : 54

“මා මහලූ වියට පත්ව සිටිය දී නුඹලා මට සුබාරංචි කියන්නෙහු ද? කවර පදනමක් අනුව නුඹලා සුබාරංචි කියන්නෙහු දැ”යි ඔහු ඇසීය.

15 : 55

“අපි ඔබට සත්‍ය පදනමක් මත සුබාරංචි කියන්නෙමු. ඔබ බලාපොරොන්තු සුන් වූ කෙනෙක් නොවන්නැ”යි ඔවුහු පැවසූ හ.

15 : 56

“නොමග ගියවුන්ට මිස අන් කවරෙකුට තම දෙවියන්ගේ දයාවෙහි බලාපොරොත්තු සුන් විය හැකි දැ”යි471 ඔහු ඇසී ය.

15 : 57

“දූතයිනි,161 නුඹලාගේ පුවත කුමක් දැ”යි ද ඔහු ඇසීය.

15 : 58

“අපි වැරදි කරන පිරිසක් වෙත එවන ලද්දෙමු.”

15 : 59,60

“ලුත්ගේ පවුලේ අයගෙන් ඔහුගේ භාර්යාව හැර ඔවුන් සියලූ දෙනා ම අපි ආරක්ෂා කරන්නෙමු. ඇය විනාශ වන්නන්ගෙන් කෙනෙක යැයි අපි නිශ්චය කළෙමු”යි පැවසූ හ.26

15 : 61,62

එම දූතවරු161ලුත්ගේ පවුලේ අය වෙත පැමිණී විට “නුඹලා නාඳුනන පිරිසක් යැ”යි ඔහු පැවසී ය.26

15 : 63,64,65

එයට ඔවුහු “එසේ නොවේ. අපි ඔවුන් සැක කළ දේ ඔබ වෙත ගෙනැවිත් සිටින්නෙමු. සත්‍යය ඔබ වෙත ගෙනැවිත් සිටින්නෙමු. අපි සත්‍ය පවසන්නෝ වෙමු. ඔබේ පවුලේ අය සමඟ රැයෙහි කොටසක දී පිටත් වන්න. ඔවුන් පසු පසින් (අවසානයේ දී) ඔබ පිටත් වන්න. නුඹලාගෙන් කිසිවෙක් ආපසු හැරී නොබැලිය යුතුය. අණ කළ පරිදි ඉටු කරන්නැ”යි පැවසූහ.26

15 : 66

“ඔවුහු සියල්ලෝ ම උදෑසන මුලින් උපුටා දමනු ලබති” යන තීන්දුව අපි ඔහුට දැන්වීමු.

15 : 67

එම ග්‍රාම වාසීහු ප්‍රීතියෙන් (ලුත්ගේ නිවස වෙත) පැමිණිය හ.

15 : 68,69

“මොවුහු මාගේ ආගන්තුකයෝ ය. එබැවින් මට අවමන් නොකරන්න. අල්ලාහ්ට බිය වන්න. මා නින්දාවට පත් නොකරන්නැ”යි (ලුත්) පැවසීය.26

15 : 70

“අපි නුඹ ලෝවැසියන්ගෙන් (අන් අය වෙනුවෙන් මැදිහත් වී කථා කිරීමෙන්) නොවැළැක්වූයෙමු දැ”යි ඔවුහු ඇසූ හ.

15 : 71

“නුඹලා (යමක්) කරන්නෙහු නම් මෙන්න, මාගේ දූවරු සිටිති”යි ඔහු පැවසීය.

15 : 72

(මුහම්මද්,) ඔබේ ආයු කාලය මත දිවුරමි.379 ඔවුහු තම (වල්) මතින් මං මුළා වූහ.

15 : 73

ඔවුන් හිරු ආලෝකය අත් කර ගත් විට මහත් ශබ්දය ඔවුනට පහර දුණි.

15 : 74

අපි ඔවුන් මත රත් කරන ලද ගල් වලින් ගල් වැසි වැසීමට සලස්වා ඒ ගම්මානය උඩු යටිකුරු කළෙමු.412

15 : 75

සිතන අයට මෙහි සාධක රැසක් ඇත.

15 : 76

එම ගම්මානය පිහිටා ඇත්තේ (නුඹලා ගමන් කරන) සදාතන මාර්ගයේ ම ය.

15 : 77

විශ්වාස කළ අයට මෙහි සාධකයක් ඇත.

15 : 78

ඝණ ලැහැබෙහි වාසය කළ අය (මද්යන් වාසීහු) ද අපරාධකරුවෝ වූහ.

15 : 79

අපි ඔවුනට ද දඬුවම් කළෙමු. එම (ගම්මානයන්) දෙක ම පිහිටා ඇත්තේ (සියලූ දෙනා ම) දන්නා මාර්ගයක ම ය.

15 : 80

(සමූද් හෙවත්) හිජ්ර් වාසීහු ද දූතයින් අසත්‍ය පවසන්නන් යැයි සිතූ හ.

15 : 81

අපි ඔවුනට අපේ සාධක පිරිනැමුවෙමු. නමුත් ඔවුහු ඊට පිටු පෑහ.

15 : 82

ඔවුහු කඳු නිවෙස් සේ කැන සුරක්ෂිතව සිටිය හ.

15 : 83

උදෑසන මහත් ශබ්දය ඔවුනට පහර දුණී.

15 : 84

ඔවුන් කරමින් සිටි දේ ඔවුන් ආරක්ෂා නොකළේය.

15 : 85

අහස් ද පොළොව ද එදෙක අතර තිබෙන දැය ද අපි නිර්මාණය කර ඇත්තේ සාධාරණ හේතුවක් මත ය. යුගාන්ත මොහොත1 පැමිණෙන්නේ ම ය. එබැවින් අලංකාර ලෙසින් ඔවුන් නොසලකා හරින්න.

15 : 86

ඔබේ දෙවියන් අති විශිෂ්ට නිර්මාණකරු ය. සර්වඥ ය.

15 : 87

(මුහම්මද්,) නැවත නැවත පාරායණා කරනු ලබන (වැකි) සතක් ද ඉමහත් කුර්ආනය ද අපි ඔබට පිරිනැමුවෙමු.250

15 : 88

ඔවුන්ගෙන් විවිධාකාර පිරිස් භුක්ති විඳිනු පිණිස අපි පිරිනමා තිබෙන දේ දෙසට ඔබේ ඇස් දිගු නොකරන්න. ඔවුන් වෙනුවෙන් ශෝකයට ද පත් නොවන්න. විශ්වාස කළ අය වෙත ඔබේ පියාපත පහත් කරන්න.251

15 : 89,90,91

ඇතැම් දේ පිළිගෙන ඇතැම් දේ ප්‍රතික්ෂේප කර, කුර්ආනය414 (පෙර පැවති ධර්ම ග්‍රන්ථය) කොටස් කළ අය කෙරෙහි (වේදනාව) පහළ කළා සේ (මොවුනටත් පහළ කරන්නෙමු යන දේව පණිවුඩය ගැන) “මම පැහැදිලි ව අවවාද කරන්නෙක්මි”යි (මුහම්මද්,) පවසන්න.26

15 : 92,93

ඔබේ දෙවියන් මත දිවුරමි. ඔවුන් කරමින් සිටි දේ ගැන අපි ඔවුන් සියල්ලන් ම විභාග කරන්නෙමු.26

15 : 94

ඔබට අණ කරනු ලබන දේ දයානුග්‍රහයක් නොමැතිව (විවෘතව) ප්‍රකාශ කරන්න. සමානයන් කල්පනය කරන්නන්ට පිටු පාන්න.

15 : 95

විහිළු කරන්නන්ගෙන් අපි ඔබ ආරක්ෂා කරන්නෙමු.

15 : 96

ඔවුහු අල්ලාහ් සමඟ අන් දෙවියෙකු සිතින් මවා ගත්හ. මතුවට දැන ගනිති.

15 : 97

ඔවුන් (ඔබ ගැන) ප්‍රකාශ කරන දේ නිසා ඔබේ සිත ශෝකයට පත් වන බව අපි දනිමු.

15 : 98

ඔබේ දෙවියන්ගේ ප්‍රශංසාවෙන් ඔහු සුවිශුද්ධ කරන්න. සජ්දා කරන්න.396

15 : 99

නියතය (හෙවත් මරණය) පැමිණෙන තෙක් ඔබේ දෙවියන් නමදින්න.252