පරිච්ඡේදය: 107
මුළු වැකි ගණන : 7
මෙම පරිච්ඡේදයේ අවසාන වැකියේ ‘අල් මාඌන්’ යන වචනය සඳහන් වන බැවින් මෙම නම තබන ලදී.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
107 : 01 විනිශ්චය දිනය1 අසත්‍ය යැයි සිතූ තැනැත්තා ඔබ දුටුවෙහි ද?
107 : 02 ඔහු අනාථයා පළවා හරියි.
107 : 03 දුගියාට ආහාර දීමට නොපොලඹවයි.
107 : 04,05 තම සලාතයෙහි නොසැලකිලිමත් ව සලාතය ඉටු කරන අයට විනාශයක් ම ය.26
107 : 06 ඔවුහු අනුන්ට පෙන්වීම සඳහා සලාතය ඉටු කරති.
107 : 07 ඔවුහු අල්ප ද්‍රව්‍ය ද (දීමට) ප්‍රතික්ෂේප කරති.