පරිච්ඡේදය: 103
මුළු වැකි ගණන : 3
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘අල් අස්ර් ’ යන වචනය සඳහන් වන බැවින් මෙම නම තබන ලදී.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
103 : 01 කාලය මත දිවුරමි.379
103 : 02 මිනිසා අලාභයක සිටියි.
103 : 03 විශ්වාස කොට යහපත් ක්‍රියා කළ අය ද සත්‍යය අනුශාසනා කර ඉවසීම ද අනුශාසනා කර ගන්නා අය ද හැර.