පරිච්ඡේදය: 97
මුළු වැකි ගණන : 5
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘අල් කද්ර්’ යන වචනය සඳහන් වන බැවින් මෙසේ නම් කරන ලදී.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
97 : 01 අපි මහානුභාව සම්පන්න රාත්රියෙහි447 මෙය (කුර්ආනය) පහළ කළෙමු.
97 : 02 මහානුභාව සම්පන්න රාත්රිය කුමක් දැයි ඔබ දන්නේ කෙසේ ද?
97 : 03 මහානුභාව සම්පන්න රාත්රිය මාස දහසකට වඩා විශිෂ්ට ය.
97 : 04 සුර දූතවරුන් ද රූහ් ද444 එහි තම දෙවියන්ගේ අණ පරිදි සෑම කටයුත්තක් සමඟ ම පහළ වෙති.
97 : 5 සලාම් 159 එය අරුණෝදය දක්වා පවතී.