අත් තීන් – අත්තික්කා
පරිච්ඡේදය: 95
මුළු වැකි ගණන : 8
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘අත්තික්කා’ යන වචනය සඳහන් වන බැවින් මෙසේ නම් කරන ලදී.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
95 : 01 අත්තික්කා මත ද ඔලිව් ගස මත ද දිවුරමි.379
95 : 02 තූර් සීනායි කන්ද මත ද දිවුරමි.379
95 : 03 අභය දායී මෙම ගම්මානය34 මත ද දිවුරමි.379
95 : 04 මිනිසා අලංකාර හැඩරුවකින් නිර්මාණය කළෙමු.
95 : 05 පසුව ඔහු නීචයන්ගෙනුත් නීචයෙකු කළෙමු.
95 : 06 විශ්වාස කොට යහපත් ක්‍රියා කළ අය හැර. ඔවුනට නිමක් නැති කුලියක් ඇත.
95 : 07 මෙයට පසුව විනිශ්චය දිනය1 අසත්‍ය යැයි ඔබට සිතිය හැක්කේ කෙසේ ද?
95 : 08 විනිශ්චයකරුවන්ගෙන් අල්ලාහ් ශ්‍රේෂ්ඨ විනිශ්චයකරුවෙක් නොවේ ද?