අෂ් ෂරහ් – පුළුල් කිරීම
පරිච්ඡේදය: 94
මුළු වැකි ගණන : 8
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘ඔබේ සිත පුළුල් නොකළෙමු ද’ යනුවෙන් සඳහන් වන බැවින් මෙසේ නම් කර ඇත.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
94 : 01 අපි ඔබේ සිත් පුළුල් නොකළෙමු ද?
94 : 02,03 (මුහම්මද්,) ඔබේ පිට කඩමින් තිබූ බර අපි ඔබෙන් බහා නොතැබුවෙමු ද?26
94 : 04 ඔබ වෙනුවෙන් ඔබේ ප්රශංසාව උසස් කළෙමු.
94 : 05 පහසුව ඇත්තේ දුෂ්කරත්වය සමඟ ය.
94 : 06 පහසුව ඇත්තේ දුෂ්කරත්වය සමඟ ය.
94 : 07 එබැවින් විවේක ගත් වහාම සූදානම් වන්න.
94 : 08 ඔබේ දෙවියන් වෙත ම ආශා තබන්න.