පරිච්ඡේදය: 93
මුළු වැකි ගණන : 11
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘අල් ලූහා’ යන වචනය සඳහන් වන බැවින් එය මෙහි නම බවට පත් විය.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
93 : 01 පෙරවරුව මත දිවුරමි.379
93 : 02 වසා ගන්නා රාත්රිය මත දිවුරමි.379
93 : 03 (මුහම්මද්,) ඔබේ දෙවියන් ඔබ අත් හැරියේ නැත, පිළිකුල් කළේ ද නැත.
93 : 04 ඔබට මෙලොවට වඩා පරලොව යහපත් ය.
93 : 05 (මුහම්මද්,) ඔබේ දෙවියන් ඔබට පිරිනමයි. ඔබ තෘප්තිමත් වන්නෙහි ය.
93 : 06 ඔබ අනාථයෙකු ව දැක ඔහු රැක බලා නොගත්තේ ද ?
93 : 07 ඔබ මාර්ගය නොදන්නෙකුව දැක ඔහු මග පෙන්වීය.81
93 : 08 ඔබ දිළින්දෙකුව දැක ස්වයංපෝෂිත කෙනෙකු කළේය.
93 : 09 එබැවින් ඔබ අනාථයින් මර්දනය නොකරන්න.
93 : 10 යාචකයා පළවා නොහරින්න.
93 : 11 ඔබේ දෙවියන්ගේ අනුග්රහය ගැන දන්වන්න.