විද්‍යාත්මක සාධක

වසර 1400 කට පෙර සිටි කිසිඳු මිනිසෙක් නොදන්නා, එකල සර්ව බලධාරී දෙවියන් පමණක් දන්නා, නොයෙකුත් කරුණු පරිශුද්ධ වූ අල් කුර්ආනයේ ප්‍රකාශ වී ඇත.

කියවීමට හා ලිවීමට නොදන්නා මුහම්මද් නබි (සල්) තුමාණන් විසින් මෙය ප්‍රකාශ කර තිබිය නොහැකි බවත් මෙය ප්‍රකාශ කර තිබිය හැක්කේ සර්ව බලධාරී දෙවියන් පමණක් වන බවත් අවංක බැල්මක් සහිත අය විසින් දැනගත හැකිය. එවැනි වැකි පහත සඳහන් කර ඇත්තෙමු.

මේ වැකි කියවන්න. ඒ සමඟ ම මේ වැකි වල සටහන් අංක වලට අදාළ විග්‍රහයන් කියවන විට මෙය තව දුරටත් හොඳින් දැනගත හැකි වනු ඇත.

වෙනත් ග්‍රහලෝක වලින් පෘථීවියට පැමිණෙන අනතුරු වළක්වන වියනක් ලෙස අහස පිහිටා ඇත- 2:22, 21:32, 40:64, 52:5 (288 වන සටහන බලන්න.)

පොළොවෙන් ඉහළට ඇදී යන ද්‍රව්‍ය ආපසු එවන ස්වභාවයක් අහසට ඇත. – 86:11 (149 වන සටහන බලන්න.)

මිනිස් සිරුරේ වේදනාව හගින නහරවල් ඇත්තේ සමෙහි ය – 4:56 (119 වන සටහන බලන්න.)

අභ්‍යවකාශ ගමනක යෙදෙන විට මිනිසාගේ හෘදය සංකෝචනය වේ- 6:125 (172 වන සටහන බලන්න.)

මිනිසාට ජීවත් විය හැක්කේ පෘථීවියෙහි ය- 2:36, 7:24, 7:25 (175 වන සටහන බලන්න.)

ආකාශයේ පියාසර කරන පක්ෂීහු පොළොව සමඟ නොගැටී සිටීමට හේතුව ගුරුත්වාකර්ෂණ බලයයි – 16:79, 67:19 (260 වන සටහන බලන්න.)

අභ්‍යවකාශයේ කෙතරම් දුරකට ගමන් කළත් පොළොව යට කන්දක උස ප්‍රමාණයකට ගමන් කළ නොහැකිය – 17:37 (266 වන සටහන බලන්න.)

පෘථීවිය ගෝලාකාර බව දන්වන දුල් කර්නෛන්ගේ ගමන – 18:90 (274 වන සටහන බලන්න.)

පෘථීවිය තොටිල්ලක් සේ පිහිටා තිඛෙන අරුමය – 20:53, 43:10, 78:6 (284 වන සටහන බලන්න.)

“මහා පිපුරුමකින් විශ්වය බිහි විය” යන වත්මන් සොයා ගැනීම (මහා පිපුරුම් වාදය) ගැන විද්‍යාත්මක අනාවැකිය – 21:30 (287 වන සටහන බලන්න.)

ගර්භාෂයේ වැඩෙන කලලය මිනිස් හැඩරුව ලබන්නේ තෙමසක් ගත වීමෙන් පසුව ය – 23:14 (296 වන සටහන බලන්න.)

භූගත ජලය රැස් වන්නේ කෙසේ ද? – 23:18 (297 වන සටහන බලන්න.)

මුහුදු එකිනෙකට බද්ධ වී තිබුණත් ඒවා අතර බාධකයක් ඇත. – 25:53, 27:61, 35:12, 55:19, 55:20 (305 වන සටහන බලන්න.)

සුළෙඟ් සාමාන්‍ය වේගය කොපමණ දැයි ගණනය කර ප්‍රකාශ කරන ආශ්චර්ය ය – 34:12 (325 වන සටහන බලන්න.)

අහස් හා පොළොව අතර පවතින ගුරුත්වාකර්ෂණ බලය – 35:41, 13:2, 31:10, 22:65 (328 වන සටහන බලන්න.)

නොයෙකුත් නැගෙනහිරවල්, නොයෙකුත් බටහිරවල් යැයි ප්‍රකාශ කිරීමෙන් පෘථීවිය ගෝලාකාර බව සනාථ කිරීම – 37:5, 55:17, 70:40 (335 වන සටහන බලන්න.)

මහා පිපුරුමට පසුව දුමාර මණ්ඩලයෙන් ග්‍රහ ලෝක බිහි විය. 41:11 (353 වන සටහන බලන්න.)

මිනිස් වර්ගයා ඇතුළු සියලූ ජීවීන් වර්ග තම බර ලබා ගන්නේ පොළොවෙන් ය – 6:98, 50:4, 71:17 (167 වන සටහන බලන්න.)

අභ්‍යවකාශයේ ගමන් කළ හැකිය – 55:33, 55:34, 55:35 (304 වන සටහන බලන්න.)

මිනිසාගේ ප්‍රධාන සලකුණ ඇඟිලි සලකුණයි – 75:4 (208 වන සටහන බලන්න.)

ජීවී වර්ග බෝ කිරීමෙහි ලා කාන්තාවන්ගේ ද දායකත්වයක් ඇත – 76:2 (207 වන සටහන බලන්න.)

මී පැණි බැහැර වන්නේ මී මැස්සන්ගේ කටින් නොව, උදරයෙනි. – 16:69 (259 වන සටහන බලන්න.)

මුහුද මතු පිට පමණක් නොව මුහුද පතුලේ ද (ගැඹුරු මුහුදේ ද) මහ රළවල් හට ගනියි. – 24:40 (303 හා 429 වන සටහන බලන්න.)

අන්‍ය ද්‍රව්‍ය කිසිවක් භාර නොගන්නා ගර්භාෂය, කලලය පමණක් සීමිත කාලයක් දක්වා භාර ගනියි. – 13:8 (144 වන සටහන බලන්න.)

බොරු කීම සඳහා වූ නහරවල් ඇත්තේ මොළයේ ඉදිරි කොටසේ ය – 96:15 (426 වන සටහන බලන්න.)

වාතයේ තිඛෙන ඔක්සිජන් ඉවත් කරන ලද්දේ නම් එය සියලූ ජීවීන් විනාශ කර දමයි – 51:41, 51:42 (366 වන සටහන බලන්න.)

“ඉළ ඇට සමඟ දෑත් එකතු කර ගැනීම බිය අඩු කරයි” යන මනෝ විද්‍යාත්මක සත්‍යය – 28:32 (367 වන සටහන බලන්න.)

ශුක්‍ර ධාතු පිට වන්නේ කොහේ සිට ද යන විද්‍යාත්මක සත්‍යය – 86:7 (231 වන සටහන බලන්න.)

ගුවනේ ද මං මාවත් ඇත. – 51:7 (323 වන සටහන බලන්න.)

පෘථීවියට ගුරුත්වාකර්ෂණ බලයක් ඇත – 13:2, 31:10 (240 වන සටහන බලන්න.)

සූර්යයා හා ග්‍රහ ලෝක ගමන් කරයි – 13:2, 31:29, 35:13, 36:38, 39:5 (241 වන සටහන බලන්න.)

චන්ද්‍රයා පැළීම ගැනත් ඒ සඳහා වූ සාක්ෂිය චන්ද්‍රයා මත වාර්තා වී තිබීම ගැනත් දැනුම් දී තිබීම – 54:1 (422 වන සටහන බලන්න.)

විශ්වය විහිදෙමින් පවතී – 51:47 (421 වන සටහන බලන්න.)

ජීවීන් අතර පමණක් නොව සියල්ලේ ම ජෝඩු ඇත- 13:3, 20:53, 36:36, 43:12, 51:49 (242 වන සටහන බලන්න.)

ලෝක උෂ්ණත්වය වැඩි වීම නිසා හිම කඳු දිය වී මුහුදු මට්ටම ඉහළ නැගී භූමි ප්‍රමාණය අඩු වේ – 13:41, 21:44 (243 වන සටහන බලන්න.)

අහසෙන් වර්ෂාව හට ගන්නේ කෙසේ ද යන්න ගැන වත්මන් විද්‍යාඥයින්ගේ ප්‍රකාශය, ඒ අයුරින් ම මුළු විස්තර සහිතව විග්‍රහ කරන අරුමය. – 24:43 (419 වන සටහන බලන්න.)

න්‍යෂ්ටික අවි ආයුධ නිපදවිය හැකිය – 105:1, 105:2, 105:3, 105:4, 105:5, 11:82, 15:74, 26:173, 27:58, 51:32 (412 වන සටහන බලන්න.)

“අන්ධකාරයන්” යැයි බහු වචනයෙන් ප්‍රකාශ කිරීමෙන් වර්ණ වලට තරංඟ ආයාමයක් තිඛෙන බවත් වර්ණයෙන් වර්ණයට තරංග ආයාමයන් වෙනස් වන බවත් පැහැදිලි කර ඇත. – 2:17, 2:19, 2:257, 5:16, 6:1, 6:39, 6:59, 6:63, 6:97, 6:122, 13:16, 14:1, 14:5, 21:87, 24:40, 27:63, 33:43, 35:20, 39:6, 57:9, 65:11 (429 වන සටහන බලන්න.)

ද්‍රව්‍ය නෂ්‍ය නොවී ආරක්ෂා කරන තාක්ෂණය ගැන පර්යේෂණය කිරීමට උනන්දු කරවිම- 2:259 (406 වන සටහන බලන්න.)

ක්ලෝනීයකරණය සාධ්‍ය වන බව සියවස් දහහතරකට පෙර ම ප්‍රකාශ කර පර්යේෂණය කිරීමට උනන්දු කරවිම – 19:21, 19:29, 19:30, 21:91, 23:50 (415 වන සටහන බලන්න.)

ඔටුවාගේ සිරුරේ විස්මිත පිහිටීම ගැන විස්තරය – 88:17, 36:41, 36:42 (399 වන සටහන බලන්න.)

යකඩ මේ පොළෝ තලයෙන් බිහි වූවක් නොවේ, අහසින් පහළ කරන ලද්දකි. – 57:25 (423 වන සටහන බලන්න.)

දැවැන්ත වේගයකින් භ්‍රමණය වන පෘථීවිය කම්පනය වීමෙන් ආරක්ෂා කරන කුඤ්ඤ වශයෙන් කඳු පිහිටා ඇත. – 13:3, 15:19, 16:15, 21:31, 27:61, 31:10, 41:10, 50:7, 77:27, 78:7, 79:32 (248 වන සටහන බලන්න.)

“කඳු බිහි වූයේ පෘථීවිය බිහි වීමෙන් පසුව ය” යන විද්‍යාඥයින්ගේ මතය තහවුරු කිරීම. – 41:9, 41:10 (248 වන සටහන බලන්න.)

නවීන උපකරණ හා පර්යේෂණාගාර නොමැති කාල වකවානුවක දී ක්ෂීරපායී සත්ත්වයින් තුළ කිරි හට ගන්නේ කෙසේ ද යන විද්‍යාත්මක සත්‍යය – 16:66 (257 වන සටහන බලන්න.)

මිනිසා ඔසවාගෙන යන තරම් දැවැන්ත පක්ෂීහූ ලෝකයේ සිටි බව දන්වන විද්‍යාත්මක සත්‍යය – 22:31 (416 වන සටහන බලන්න.)

වර්ෂයකට මාස කොපමණ දැයි සම්මතයක් නොපැවති කාලයේ දී මාස දොළහක් යැයි නියතව දැන්වීම – 9:36 (202 වන සටහන බලන්න.)

දුකට පත් වී සිටින අයට සාවද්‍ය තොරතුරු ලබා දීම තුළින් ඊටත් වඩා මහා දුකක් ඇති කරන විට දුක සංසි‍‍ඳෙන බව දන්වන මනෝ විද්‍යාත්මක විග්‍රහය – 3:153 (102 වන සටහන බලන්න.)

ජාන සම්බන්ධය පරම්පරාවෙන් පරම්පරාවට අවිච්ජින්න ව පවතී. – 7:172 (189 වන සටහන බලන්න.)

පසු ගිය සිය වසේ සොයා ගන්නා ලද රිලේටිවිටි : Relativity නම් වූ සාපේක්ෂතා න්‍යාය – 22:47, 32:5 (293 වන සටහන බලන්න.)

මිනිසා වානරයන්ගෙන් නිර්මාණය නොකරන ලදී – 2:30, 3:59, 4:1, 6:2, 6:98, 7:189, 15:26, 15:28, 22:5, 23:12, 30:20, 32:7, 35:11, 37:11, 38:71, 39:6, 40:67, 49:13, 55:14 (368 වන සටහන බලන්න.)

නිවැරදිව අනන්‍යතාව තහවුරු කරන්නේ මිනිසාගේ නාසයයි – 68:16 (371 වන සටහන බලන්න.)

පොළොව විවිධ ස්තර වලින් යුක්ත බව දුර දර්ශක උපකරණ නොමැති කාලයේ දී ප්‍රකාශ කළ පරිශුද්ධ වූ අල් කුර්ආනය -65:12 (425 වන සටහන බලන්න.)

ජලය තුළ ප්‍රසවය සිදු වීම මවටත් දරුවාටත් යහපත් ය – 19:24 (436 වන සටහන බලන්න.)

දරුවාගේ ලිංගිකත්වය තීරණය කරන්නේ පුරුෂයාගේ ශ්‍රකාණුවයි. 75:39 (437 වන සටහන බලන්න.)

මානසික ආතතිය පහ කරන ඛෙහෙත එකල ම පැවසූ අල් කුර්ආනය – 13:28 (477 වන සටහන බලන්න.)

මී මැස්සන්ගේ මං මාවත් දැන ගැනීමේ හැකියාව – 16:68 (474 වන සටහන බලන්න.)

කම්පනය දැන ගැනීමේ හැකියාව කුහුඹුවන්ට ඇත – 27:18 (470 වන සටහන බලන්න.)

උපවාසයේ යහපත – 2:184 (475 වන සටහන බලන්න.)

මව් කිරි දීමේ යහපත – 2:233 (478 වන සටහන බලන්න.)

යහ්යා යන නම මීට පෙර කිසිවෙකුට නොතිබුණු බව ප්‍රකාශයට පත් කිරීමෙන් දෙවියන්ගේ ධර්ම ග්‍රන්ථයක් බව සනාථ කිරීම – 19:17 (467 වන සටහන බලන්න.)